නෙළුම බුදුන් වහන්සේගේ සංකේතයයි..! නෙළුම් කුලුන තුසිත දෙව්ලොවට කිට්ටුයි..!

September 16, 2022 at 11:07 am | by emanisa.lk

නෙළුමන් සංකේතවත් වන්නේ බුදු රජානන් වහන්සේ බව ඊයේ (15) විවෘත කළ නෙළුම් කුලුන නැරඹීමට පැමිණි භික්ෂූන් වහන්සේ නමක් ප්‍රකාශ කරයි.

එය දැනුම ලබා ගැනීමට විනෝදය ලබා ගැනීමට අවට සුන්දරත්වය නැරඹීමට ද හොඳ බව එහිමියෝ පවසති.

කුලුන නැරඹීමට පැමිණි තමන්ට තුසිත දෙව්ලොවට ළං වෙලා යැයි හැඟුණු බවයි, උන් වහන්සේ සඳහන් කළේ.

නෙළුම් කුලුන රැක ගැනීම මෙන් ම එය අපවිත්‍ර නොකර කටයුතු කිරීම ද ජනතාවගේ යුතුකමක් බව එහිමියෝ වැඩි දුරටත් අවධාරණය කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *