නෙළුම් කුලුනින් පැනීමට අනුමැතිය…!

December 11, 2023 at 1:29 pm | by emanisa.lk

නෙළුම් කුලුනේ විසි නවවැනි මහලේ සිට එනම් අඩි 256ක් ඉහළ සිට පහළට පැනීමේ ගෝ බන්ජි (Go Bungy) නමැති ත්‍රාසජනක ක්‍රීඩාවේ නිරතවීමේ අවස්ථාව ලබන අප්‍රේල් මාසයේ සිට ලාංකිකයන්ට ද හිමිවන බව නෙළුම් කුලුන කළමනාකරණ පෞද්ගලික සමාගම පවසයි.

ගෝ බන්ජි ක්‍රීඩාව පිළිබඳ මනා පළපුරුද්දක් සහිත ජපානයේ සමාගමක් සමග එක්ව මෙම කාර්ය සිදු කරන බවද එම සමාගම කියා සිටියි.

මෙරට ජනාකීර්ණ ප්‍රදේශයක පිහිටා තිබෙන ගොඩනැගිල්ලක ඉහළ තට්ටුවක සිට පහළට පැනීමේ උසම පිම්ම, නෙළුම් කුලුනෙන් පැනීම බව ද ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *