නුගේගොඩ විමල් සුළඟ කැන්සල්…! ශ්‍රීලනිපය සමග දැවැන්ත වැඩකට අත ගසයි…!

March 17, 2022 at 8:28 am | by emanisa.lk

ඇමැති ධූරවලින් නෙරපක ලද විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු පක්ෂ 11ක නායකයන් විසින් නුගේගොඩ පැවැත්වීමට සැලසුම් කර තිබූ සිය පළමු රැලිය අත්හිටුවීමට තිරණය කොට ඇති බව වාර්තා වේ.

මෙම රැලිය ලබන 27 වැනිදා නුගේගොඩ පැවැත්වීමට සැලසුම් කොට තිබිණ.

කෙසේ වුව ද පසුගිය සතියේ හමුවූ විමල් ඇතුළු පක්ෂ නායකයන් විසින් මෙම රැස්වීම අත්හිටුවා ඒ වෙනුවට විකල්ප ගණනාවක් සාකච්ජා කොට ඇති බව දැනගන්නට තිබේ.

එහි දී කම්කරු දිනයේ දී විකල්ප දැවැන්ත මැයි රැලියක් සංවිධාන කිරීමට ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 11ක කණ්ඩායම තීරණය කොට ඇත.

මේ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද එක්වීමට මේ වන විටත් කැමැත්ත පළ කොට ඇති අතර ඒ අනුව මැයි පළමු දින දැවැන්ත ආණ්ඩු විරෝධී පෙළපාලියක් සහ මැයි රැලියක් පැවැත්වීමට විමල් පිල තීන්දු කර ඇති බව වාර්තා වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *