නීතිය ක්‍රියාත්මක වෙන්නේ බෞද්ධයන්ට එරහිව විතරද…. දේවගැති ජෙරම්ට ජීවන්ත පීරිස්ට නීතිය කෝ….!

October 22, 2026 at 5:07 pm | by emanisa.lk

බුදු දහමට අපහාස කළ දේවගැති ජෙරම් ප්‍රනාන්දුට එරෙහි නඩුව නීතිපති උපදෙස් නොමැති නිසා එය කොටුව මහෙස්ත්‍රාත්වරයා ලබන අවුරුද්දට කල්දමා ඇතැයි සර්වජන බලය මාධ්‍ය ප්‍රකාශක, ප්‍රියංකර මහගම්මුල්ලගේ පවසයි.

එහෙත් භික්ෂූන් වහන්සේලාගේ සිවුරු ගැලවීම සඳහා සියලු උපදෙස් වේගයෙන් ලැබෙන බවද රටේ නීතිය ක්‍රියාත්මක වන්නේ මේ ආකාරයට බවද ඔහු ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා රාජ්‍යය සහ ආරක්ෂක හමුදාව වර්ග සංහාරයක් කළ බවට චෝදනා කළ ජීවන්ත පීරිස් පියතුමාට විරුද්ධව බහුජන බලය සංවිධානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළද මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයිද ප්‍රියංක මහගම්මුල්ලගේ අවධාරණය කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ සර්වජන බලය පක්ෂ මූලස්ථානයේ මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *