දේව වචනය අදහන අයට මිත්‍යා දෘෂ්ටිකයන් යැයි කීමට තහනම් බව බෝන් එගේන් නිකායේ ප්‍රධානී දේවගැති ජෙරම් ප්‍රනාන්දු පවසයි.
එසේ ප්‍රකාශ කරන අය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට (ICCPR) අනුව සිරගත කළ යුතු බවද ඔහු අවධාරණය කරයි.
මෙවැනි රටක එසේ කිව නොහැකි බවත් එසේ කියන අය සිරගත නොවීම තමන්ට පුදුමයක් බවත් ජෙරම් ප්‍රනාන්දු ප්‍රකාශ කරයි.
දේව මෙහෙයක් අමතමින් දේවගැතිවරයා මේ බව කීය.
මෙයට පෙර බුදුන් වහන්සේ ආලෝකය සොයා ගිය අයකු බවත් ජේසුස් වහන්සේ යනු ආලෝකය මේ යැයි අවබෝධ කරගත් අයකු බවත් පවසා බුදු දහමට අපහාස කිරීමේ චෝදනාව මත ජෙරම් ප්‍රනාන්දු ICCPR පනත යටතේ පසුගිය ආණ්ඩුව සමයේ එනම් 2023 වසරේදී සිරගත විය.