නිළියෝ ආශ්‍රය නොකර හිරකාරයෝ ආශ්‍රය කරන්න ද..! මේවා දැක්කා ම සමහරුන්ට ඊර්ෂ්‍යායි…! – ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති…

July 25, 2023 at 5:01 pm | by emanisa.lk

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කිසිදු නිළියක් ඕස්ට්‍රේලියාවට රැගෙන යාමට සත පහක් වියදම් නොකළ බව එහි සභාපති ඇෂ්ලි ද සිල්වා පවසයි.

ඉන්දියාවේ ක්‍රිකට් තරඟවල දී පවා බොලිවුඩ් නිළියන් පැමිණ ඔවුන්ගේ සහයෝගය ලබා දෙන බවත් එමගින් ක්‍රිකට් ආකර්ෂණීය වන බවත් සභාපතිවරයා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කළ ජයන්ත ධර්මදාස නළු නිළියන් ඇසුරු නොකර හිරකාරයින් ඇසුරු කරන්න දැයි හෙතෙම ප්‍රශ්න කරයි.

ඇතැමුන්ට මේවා දකින විට ඊර්ෂයා සිතෙන බව ද අසත්‍ය චෝදනා එල්ල කරන්නේ ඒ නිසා බව ද පෙන්වා දෙන ඇෂ්ලි ද සිල්වා, නළු නිළියන් සඳහා ක්‍රිකට් ආයතනයේ මුදල් වියදම් කළේ යැයි ඔප්පු කළහොත් හෙට ම ඉල්ලා අස්වන බව ද හෙතෙම අවධාරණය කරයි.

2022 වසරේ T20 ලෝක කුසලානය නැරඹීමට ක්‍රිකට් ආයතනයේ මුදලින් නළු නිළියන් පිරිසක් රැගෙන ගිය බවට නැගෙන චෝදනාවලට මාධ්‍ය හමුවේ පිළිතුරු දෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *