නිල කාලය අවසන් වීමට දිනකට පෙර දකුණේ මන්ත්‍රීවරු පන්දම් රැගෙන පළාත් සභාවට පැමිණ අවසන් විරෝධයත් පාති!

April 8, 2019 at 1:41 pm | by admin

විදුලි කප්පාදුව විරෝධය පළ කරමින් දකුණු පළාත් සභා මන්ත්‍රීවරුන් පිරිසක් අද(08) පන්දම් දල්වා ගනිමින් පළාත් සභ පරිශ්‍රය වෙත පැමිණිමට උත්සහ කර තිබේ.

විරෝධතාකරුවන් දකුණු පළාත් සභ භුමීයට ඇතුළු වීමට උත්සාහ කළ ද පොලීසිය විසින් එයට ඉඩ ලබා දුන්නේ නැත.

පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පළ කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු පිරිස විසින් විරෝධතා පුවරු පමණක් රැගෙන පළාත් සභ භුමීයට ඇතුළු වූහ.

දකුණු පළාත් සභාවේ පාලන කාලය හෙට මධ්‍යම රාත්‍රීයෙන් අවසන්වීමට නියමිතය. මේ මස අග බස්නාහිර පළාත් සභාවේ ද නිල කාලය අවසන් වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස