නිල්වලා ගඟෙන් කිඹුල්ලු ප්‍රදර්ශනයට වඩා වැඩක් ගන්න පුළුවන්…! – ඇමති හඳුන්නෙත්ති…

January 28, 2025 at 7:32 pm | by emanisa.lk

නිල්වලා ගඟෙ කිඹුල් ප්‍රදර්ශනයට වඩා සංචාරක කර්මාන්තය, මිරිදිය ධීවර කර්මාන්තය වැනි බොහෝ ආර්ථික ශක්‍යතා ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.

ඇමතිවරයා පෙන්වා දෙන්නේ මාතර සිට අකුරැස්සට මගීන් සහ භාණ්ඩ ප්‍රවාහනය සඳහා නිල්වලා ගඟ පහසුවෙන් යොදාගත හැකි බවයි.

මාතර සිට සිංහරාජය දක්වා සංචාරකයන් රැගෙන යන මාර්ගයක් ලෙස මෙම ගඟ භාවිතයෙන් සංචාරක ක්ෂේත්‍රයට ද විශාල දායකත්වයක් ලබාදිය හැකි බව ඇමති සුනිල් හඳුන්නෙත්ති අවධාරණය කරයි.

නිල්වලා ගඟ ආශ්‍රිතව මතුව ඇති ගැටලු පිළිබඳ සොයා බැලීමට සිදුකළ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *