කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සිය නිල ෆේස්බුක් ගිණුමෙහි තබා ඇති සටහනක් පහත දැක්වෙයි.
ඊයේ (16) දිනයේ ඉන්දියාවේ නව දිල්ලියේදී ඉන්දීය වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ (FICCI) ප්‍රධාන පෙළේ ආයෝජකයින් සමඟ ඉතා ඵලදායී වටමේස සාකච්ඡාවකට මා සහභාගී වුණා. FICCI සභාපති ඩෙවින් නාරං (Devin Narang) මහතා සහ ඉන්දියාවේ ප්‍රමුඛතම සමාගම් නියෝජිතයින් රැසක් මේ සඳහා එක්ව සිටි අතර, අපගේ මහා කොමසාරිස්තුමිය ද මීට සහභාගී වුණා.
මෙම හමුවේදී අපේ රටේ කර්මාන්ත ක්ෂේත්‍රය තුළ ඔවුන්ට ආයෝජනය කළ හැකි දැවැන්ත විභවයන් පිළිබඳව මා ඔවුන්ව පුළුල් ලෙස දැනුවත් කළා. විශේෂයෙන්ම, මේ වන විට අපේ රට තුළ ගොඩනැගී ඇති ශක්තිමත් දේශපාලන ස්ථාවරත්වය සහ සීඝ්‍රයෙන් තුරන් වෙමින් පවතින දූෂණය සහ වංචාව මත ගොඩනැඟෙන විනිවිදභාවයෙන් යුත් සුරක්ෂිත ආයෝජන පරිසරය පිළිබඳව මා ඔවුන්ට කරුණු පැහැදිලි කළා.
තවද, ව්‍යාපාරයක් ආරම්භ කිරීමට මීට පෙර ගතවූ කාලය සැලකිය යුතු ලෙස අවම කරමින්, අපගේ නව රජය විසින් මේ වන විට නිර්මාණය කර ඇති ආයෝජන හිතකාමී පසුබිම පිළිබඳව ද මෙහිදී මා දැඩිව අවධාරණය කළා. නිලධාරිවාදී බාධාවලින් තොරව පහසුවෙන් ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට අප රජය සූදානම් බව මා ඔවුන්ට සහතික වුණා.
මෙම සාකච්ඡාව, ඉදිරියේදී අපේ මාතෘ භූමියට නව ආයෝජන රැසක් ගෙන ඒමටත්, රටේ ආර්ථිකය නව මාවතකට යොමු කිරීමටත් ශක්තිමත් අඩිතාලමක් වනු ඇති බව මගේ දැඩි විශ්වාසයයි.