නිරූපමා රාජපක්ෂලා එක්ක කවදාවත් දේශපාලනේ කළේ නෑ…! ස්වාභාවික නෑකම විතරයි තිබ්බේ…! දීල තිබ්බේ වැඩකට නැති ඇමැති කටුවක්…! –  මහින්ද පතිරණ…

October 4, 2021 at 9:43 pm | by emanisa.lk

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ බාප්පාගේ දියණියක් වන නිරූපමා රාජපක්ෂ 2015ට කලින් දැරි නියෝජ්‍ය ඇමති ධූරයෙන් පසු කිසි දිනක රාජපක්ෂවරුන් සමග දේශපාලනයක් සිදු කර නැතැයි ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ සඳහන් කරයි.

ඔවුන් අතර ස්වාභාවික ඥාතිකමක් පමණක් තිබී ඇති අතර මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් ඇයට ලබා දී තිබුණේ වැදගැම්මකට නැති නියෝජ්‍ය ඇමතිකමක් පමණක් යයි ද ඔහු කියා සිටී.

තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව පෙන්වා දෙන්නේ දැනට වසර කිහිපයකට පෙර පළවූ වාර්තා කිහිපයක් ද උපුටා දක්වමිනි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස