කතෝලික පියතුමන්ලා සහ පැවිදි කන්‍යා සොයුරියන්ගේ සහභාගීත්වයෙන් අද (04) මරදානේ දී විරෝධතාවක් නිරත විය.
ඒ, ජනතාවට ජීවත් වීමේ නිදහස අහිමි කර තිබෙන පරිසරයක නිදහස් සැමරීම ව්‍යාජ දෙයක් බවට විරෝධය පළකරමිනි.
අද නිදහස බුක්ති විඳින කණ්ඩායම ගෝල්ෆේස් පිටියේ නිදහස් සැමරුම නරඹමින් සිටින අතර රටේ ජනතාවගේ ජීවත් වීමේ නිදහස් අහිමි කර ඇතැයි ද ඔවුහු පැවසූහ.
ඡන්දය දිනා ගැනීම සඳහා කතෝලික පල්ලියේ නිදහස අහුරමින් ආරම්භ කළ නිදහස අහිමි කිරීමේ කූට ක්‍රියාවලියට එරෙහිව අඛණ්ඩව විරෝධයේ නිරත්න වන බවයි, ඔවුන් පැවසුවේ.