ඉදිරි මැතිවරණයක් සඳහා ඉදිරිපත් වන්නේ සමගි ජනබලවේගය ප්රධාන කරගත් පුළුල් සන්ධානයකින් බව නිදහස ජනතා සභවේ පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය චරිත හේරත් සඳහන් කරයි.
එය සමගි ජන බලවේගය සමග එකතු වීමට වඩා එය විපක්ෂයේ පුළුල් සන්ධානයක් පිහිටුවන අර්ථයෙන් සිදුවන්නක් බව ද හෙතෙම පැවසීය.
විපක්ෂයේ ප්රධාන ධාරාව සමගි ජන බලවේගය බවත් එය මුල් කරගෙන පුළුල් දේශපාලන ධාරාවක් බිහි කළ යුතු බවත් ආචාර්ය චරිත හේරත් සඳහන් කරයි.
එම දේශපාලන සංධානය ජනාධිපතිවරණය මහා මැතිවරණය සඳහා තරග වැදීමට සූදානම් බවත් ඔහු කියා සිටියේ සති අන්තපුවත්පතක් සමග සාකච්ඡාවකට එකතු වෙමිනි.