නිදහස් සැමරුම වර්ජනය කරනවා..! නිදහස කළු සැමරුමක් කරනවා…! – සුමන්දිරන්…

January 30, 2023 at 8:12 am | by emanisa.lk

මේ රටේ ජීවත් වන සිංහල බෞද්ධයින්ට මිස අනෙකුත් ජන කොටස්වලට නිදහසක් ලැබී නොමැති බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්තිරන් පෙන්වා දෙන්නේ සිංහල බෞද්ධයින්ට ද නිදහසක් නොමැති බව දැන් ඔවුන් වටහා ගෙන ඇති බවයි.

“නිදහස ලැබුණ විගසම ප්‍රජාතන්ත්‍රවාදය කියන මුවාවෙන් බහුතරවාදයක් වෙලා ඒක පරිවර්තනය වුණා. ඒ නිසා මේ රටේ ජීවත්වන අනිත් ජන කොටස්වලට නිදහසක් ලැබුණේ නෑ.

සිංහල බෞද්ධ ජනතාව තමන්ට නිදහස ලැබුණා කියලා, හිතාගෙන හිටියා. ඒ වුණත් ඒ අයටත් දැනෙනවා තමන්ටත් නිදහස ලැබුණේ නෑ කියලා.

ඒ නිසා තමයි මේ 75 වන නිදහස් දිනය කියලා පෙබරවාරි 4 වෙනිදා ජනාධිපතිතුමා ඒක සමරන වෙලාවේදී මේ රටේ ජීවත්වන කාටත් ඒ නිදහස ලැබුණේ නෑ කියලා අපි ප්‍රකාශ කරන්න කැමතියි.

ඒ නිසාම අපි මේක සමරන වෙලාවේ මේක කළු දිනයක් කියලා ප්‍රකාශ කරලා, රටට හරියාකාරව නිදහස ලැබෙන්නට අපි ව්‍යාපාරයක් පටන් ගන්නවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *