සිය පක්ෂය රට හමුවේ තබා ඇත්තේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් නොව උපායමාර්ගික වැඩපිළිවෙළක් බව මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක දිලිත් ජයවීර පවසයි.
එම වැඩපිළිවෙළ පිටිපස දර්ශනයක් ගැබ්ව ඇති බවත් ‘සමෘද්ධිය’ වෙනුවට එමගින් යෝජනා කර ඇති ‘හිතේ හයිය’ වැඩසටහන ඊට උදාහරණයක් බවත් ඔහු සඳහන් කරයි.
‘සමෘද්ධිය’ යනු නිකන් දෙන ආධාර මුදලක් වුව ද ‘හිතේ හයිය’ යනු සමාජ සුභසාධනය පදනම් කරගෙත් ව්‍යවසායකත්ව ප්‍රවර්ධන වැඩපිළිවෙළක් බවයි, දිලිත් ජයවීර ප්‍රකාශ කළේ.
මෙම උපායමාර්ගික වැඩපිළිවෙළ වටා ජනතාව ඒකාරාශී වුවහොත් එළඹෙන ජනාධිපතිවරණයේ දී එය යථාර්ථයක් කරගත හැකි බව ද ඔහු අවධාරණය කරයි.
ඊයේ (16) අනුරාධපුර පැවැති සර්වජන සංවාදය වැඩසටහනට එකතු වෙමින් දිලිත් ජයවීර මේ බව කීය.