මන්නාරම සහ පුනරින් යන ප්‍රදේශවල සුළං විදුලි බලාගාර ව්‍යාපෘති දෙකක් සඳහා ඉන්දීය අදානි සමාගමට තාවකාලික අනුමැතිය ලබා දුන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
එම ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 500 ක් ඉක්මවන බව ද ඇමැතිවරයා පෙන්වා දෙයි.
මන්නාරම විදුලි බලාගාරයෙන් මොගාවොට් 286 ක් සහ පුනරීන් බාගාතාරයෙන් මෙගාවොට් 234 ක් ද, ජනනය කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.
පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවල ප්‍රගතිය සාකච්ඡා කිරීම සඳහා ලංවිම සහ තිරසර සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමඟ ඊයේ (16) පැවැති සාකච්ඡාවේ දී මෙම තීරණයට එළඹ තිබේ.