නැ. පර්යන්තය ඉන්දියාවට නොදෙනු…! ජාතික බලමුළු අභයරාමේ කඳවුරු බඳී…! ජනපති හමුවන්න සූදානම්….

January 1, 2021 at 9:08 am | by emanisa.lk

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය ඉන්දියාවට ලබාදීමට විරෝධය පාමින් ජනපතිවරයා හමුවීමට නාරහේන්පිට අභයාරාමයට රැස් වූ මහා සංඝරත්නය ඇතුළු විද්වතුන් තීරණය කර ඇත.

මේ සඳහා ඉක්මනින් ජනපතිවරයා හමුවීමට වේලාවක් වෙන්කර ගැනීමට මැදිහත් වන ලෙස මහජන ආරක්ෂක ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකරට එහි දී දැනුම් දී ඇත.

මහාචාර්ය මැදගොඩ අභයතිස්ස, ධර්මායතනාධිපති ඇල්ලේ ගුණවංශ, අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද, ජනාධිපති උපදේශක බෙංගමුවේ නාලක යන හිමිවරු ඇතුළුව මෙම සාකච්ඡාවට මහජන ආරක්ෂක ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, නැගෙනහිර ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, ජනාධිපති නීතිඥ මනෝහර සිල්වා, මහාචාර්ය ලලිතසිරි ගුණරුවන්, විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර ඇතුළු විද්වත්හු පිරිසක් එක්ව සිටියහ.

අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි මෙම සාකච්ඡාව කැඳවා තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *