නැවතත් කොවිඩ් අවධානමක්…! ඉදිරි දෙසතියේ මහ විනාශයක්..! – උපුල් රෝහණ….

July 30, 2022 at 10:26 am | by emanisa.lk

කොවිඩ් 19 ආසාදිතයින් වාර්තා වීම මේ වන විට වේගයෙන් ඉහළ යමින් ඇතැයි ද එහෙයින් ඉදිරි දෙසතිය තුළ ඉතා අවාසනාවන්ත තත්ත්වයකට මුහුණ දීමට සිදුවනු ඇති බව ද මහජන සෞඛ්‍ය පරික්ෂකරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.

කොවිඩ් ආසාදන ලක්ෂණ යැයි සැක සහිත රෝගීන් විශාල ප්‍රමාණයක් බිම් මට්ටමේ වර්ධනය වෙමින් ඇතැයි ද ආර්ථික අර්බුදය, ඉන්ධන අර්බුදය සහ රට තුළ සිදුවන මහජන ඒකාරාශීවීම් නිසා එම තත්ත්වය පාලනය කළ නොහැකි තත්ත්යට පත්වනු ඇතැයි ද ඔහු අනතුරු අඟවයි.

ඊයේ කොවිඩ් ආසාදිතයින් 143ක් ද කොවිඩ් මරණ 05ක් වාර්තා වූයේ ඉදිරි සති කිහිපය අතිශය අවධානම් බවට අනතුරු අඟවමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *