මෙවර වාර්තාගත ලෙස අලුත් අවුරුදු සමයේ සංචාරකයින් නුවරඑළිය නගරය වෙත පැමිණ ඇති බව නුවරඑළිය මහ නගර සභාවේ නගරාධිපති චන්දනලාල් කරුණාරත්න පවසයි.
මේ හේතුවෙන් නවාතැන් ගැනීමේ ස්ථාන ද පිරි ගොස් ඇති බව චන්දනලාල් කරුණාරත්න ප්රකාශ කරයි.
නුවරඑළියට පැමිණීමට පෙර නවාතැන් ගන්නා ස්ථාන පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව නුවරඑළිය නගරාධිපතිවරයා වැඩි දුරටත් ප්රකාශ කළේය.