අපි බල්ලෝ….විමල්ලා බලු නැට්ට…..! නැට්ටට ඕන විදිහට බල්ලා වනන්න බෑ….!

April 11, 2021 at 10:10 am | by emanisa.lk

ආණ්ඩුව නියෝජනය කරන සුළු පක්ෂවලට කිසි විටෙක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලපෑම් කිරීමට හැකියාවක් නොමැති බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන අවධාරණය කරයි.

“ඕනෙම පක්ෂයකට අයිතියක් තියෙනවා ඕනෙම පක්ෂ එක්කහුවෙලා සාකච්ඡා පවත්වන්න. හැබැයි ඉතිං කොහේ හොරෙන් වෙස්මූණු බැන්දත් නටන්න වෙන්නෙ එළියේ. අපි හැමවෙලේම එළියෙ ඉන්නෙ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිම පක්ෂයකට බය වෙන්නවත් කිසිම කෙනෙකුගේ තෝන් ලණුවටවත් යන්නෙ නෑ. අපි සාමාන්‍යයෙන්, අපි කියන්නෙ සාමාන්‍යයෙන් කවදාවත් නැට්ටෙන් බල්ලෙක් වනලා නෑ. බල්ලා තමයි නැට්ට වනන්නෙ.”

ආණ්ඩුවේ සුළු පක්ෂ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පසුගියදා පැවති ආන්දෝලනාත්මක සාකච්ඡාව පිළිබඳව ඊයේ (10) කළුතර දී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මේ බව පැවසුවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *