නැඟෙනහිර වෙනම මුස්ලිම් අධ්‍යාපන කලාපයක්! – ජී.ඇල්.

December 9, 2020 at 9:47 am | by emanisa.lk

අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති උල්ලංඝනය කරමින් නැගෙනහිර පළාත් සභාව පොතුවිල්හි උප අධ්‍යාපන කලාපයක් පවත්වා ගෙන යන බව ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් ඊයේ (8) පාර්ලිමේන්තුවේ දී පැවැසුවේ ය.

පොතුවිල්හි උප අධ්‍යාපන කලාපයක් පිහිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය කිසිදු අවසරයක් දී නැතැයි කී ඇමැතිවරයා ජනවාර්ගික පදනම මත අධ්‍යාපන කලාප කාර්යාලයක් පිහිටුවීම ප්‍රතික්ෂේප කරන බවද පැවැසුවේ ය.

මෙවැනි ක්‍රියා නිසා මේ රටේ බෙදීම් ඇති වන බවත් උප අධ්‍යාපන කලාප කාර්යාලයක නිලධාරීන්ට අමාත්‍යාංශය මගින් රාජකාරි පැවැරීමක් කර නැති බවත් ඇමැතිවරයා කියයි.

එහෙයින් නව අධ්‍යාපන ප්‍රතිසංවිධානයක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව දිගාමඩුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම්.එම්. මුෂාරෆ් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා පැවැසී ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *