නායකයා විවේචනය කරන්න ෆොන්සේකාට කාලය දෙන්න බෑ…! – ලක්ෂ්මන් කිරිඇල්ල…

June 22, 2024 at 3:56 pm | by emanisa.lk

පක්ෂයට නඩු දාපු කෙනෙකුට නායකත්වය විවේචනය කරන අයකුට පාර්ලිමේන්තුවේ කාලය දෙන්නේ කෙසේදැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රශ්න කරයි.

සරත් ෆොන්සේකා මහතා පක්ෂයෙන් ඉවත් කිරීමට කිසිදු තීරණයක් ගෙන හෝ එවැනි අදහසක් හෝ නොතිබූ අවස්ථාවක ඔහු වෙබ් අඩවියක පළවූ අසත්‍ය ප්‍රවෘත්තියක් පදනම් කරගෙන පක්ෂයට විරුද්ධව නඩු දැමූ බවට ද ඔහු චෝදනා කළේය.

පක්ෂයේ නායකයා කිසිම දවසක ඔහුට කතා නොදෙන ලෙස නොපැවැසූ බවද පක්ෂයට නඩු දාපු කෙනෙකු විදියට ඔහුට කාලය වෙන් කිරීම සුදුසු නැති බව තමාට අවබෝධ වීම නිසා එවැනි තීරණයක් ගත් බවද කිරිඇල්ල මහතා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *