ජනතාවට පොරොන්දු වූ ආකාරයට ම දූෂණයට එරෙහි රජයේ වැඩපිළිවෙළ ඉදිරියට යන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
කෝ අපට නඩු දැම්ම ද යනුවෙන් නගන ඝෝෂාවලට ආණ්ඩුව යටත් නොවන බව ද ඇමතිවරයා අවධාරණය කරයි.
ඇමරිකාව උදයංග වීරතුංග සහ කපිල චන්ද්‍රෙස්නට එරෙහිව ලබාදුන් තීන්දුව සමග ද අවශ්‍ය නම් නාමල් රාජපක්ෂලාට එම ප්‍රශ්නය නැගිය හැකි බව ද ඔහු සඳහන් කරයි.
නිසි විමර්ශන කර වංචාකරුවන්ට එරෙහිව නඩු පවරන බවත් නීතිය ක්‍රියාත්මක කිරීමේ දී ඇමරිකානු තීන්දුව ලංකා රජයට පහසුවක් වනු ඇති බව නලින්ද ජයතිස්ස අවධාරණය කරයි.
අද (10) කැබිනට් තීන්දු දැනුම් දීමේ මාධ්‍ය හමුවට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.