කෙටි, මධ්‍ය හා දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පත්කර තිබේ.
සාගර කාරියවසම් විසින් එම අනු කමිටුවේ සභාපති ධුරය සඳහා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ නම යෝජනා කරන ලද අතර අලි සබ්රි විසින් එය ස්ථිර කළ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
රාජ්‍ය පරිපාලනය, සෞඛ්‍ය ප්‍රතිපත්ති, අධ්‍යපන ප්‍රතිපත්ති, ධීවර හා ආහාර ප්‍රතිපත්ති, විදුලිබල සහ බලශක්ති ප්‍රතිපත්ති, දේශගුණික විපර්යාසයන් පිළිබඳ ප්‍රතිපත්ති සහ ව්‍යවසායකත්වය පිළිබඳ ප්‍රතිපත්ති නවිකරණය කිරීමට අදාළ අදහස් සහ යෝජනා ලබාගැනීම සඳහා එම ක්ෂේත්‍රයන්හි විශේෂඥයන් අනු කමිටුව හමුවට කැඳවීමට සාමාජික මන්ත්‍රීවරුන් එහිදී එකඟතාව පළකර තිබේ.
එම අදහස් හා යෝජනා අනුව කෙටිකාලීන යෝජනා මසක් ඇතුළතත්, මධ්‍යකාලීන යෝජනා දෙමසක් ඇතුළතත් දීර්ඝකාලීන යෝජනා තුන් මසක් ඇතුළතත් ජාතික සභාව වෙත ඉදිරිපත් කිරීමටත් එම අනු කමිටු සාමාජිකයෝ එකඟ වී ඇති බව සඳහන් වේ.