නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු සිට ෆේස්බුක් ගිණුමේ ලිපියක තබා ඇති කමෙන්ටුවක් පහත දැක්වෙයි.
“225+1 විසින් මේ රට අධිකරණය තම දෙපයින් පාගා ගෙන මෙසේ ප්‍රසිද්ධියේ මංකොල්ලකෑමට ප්‍රධාන හේතුව මේ රටේ සමස්ත ජනයා තම බලය ගැන කිසිම අවබෝධයක් නැතිව නිෂ්ඵල හිස් දේශපාලුවන් හමුවේ දනින් වැටීමය.
මේ සමග පළවන ලිපිය රටේ අග්‍රවිනිශ්චයකාරවරයා වෙත යොමු කරන ලද ලිපියකි. එහි ඇතුළත් වන්නේ මීට පෙර 2015 වේ පාර්ලිමේන්තුවට පත්කළ අයට රජයේ බදු ආදායම රුපියල් බිලියන 7කට අධික මුදලක් මංකොල්ල කෑමට අවසර දුන් අවස්ථාවේ ඔබ අධිකරණය වෙත තබා ඇති විශ්වාසය ආරක්ෂා කරමින් ඔබේ අධිකරණ බලය බලගැන්වීමට බැඳී සිටින අධිකරණයේ හැසිරීමයි.
කිසිම ලාභයක් හෝ වාසියක් අපේක්ෂා නොකර පොදු යහපත සඳහා ඕනෑ ම අභියෝගයක් ගැනීමට කිසිසේත්ම නොපැකිළෙන නාගානන්ද යනු කවරෙක්ද යන්න මේ රටේ ජනයාගෙන් .0000001% වත් අවබෝධ කර නැත. ඔවුන් එය අවභෝධ කරන්නේ ඔහු නැවත ආපසු නොඑන්නම බ්‍රිතාන්‍ය බලා පිටව ගිය පසුවය.”