නාගානන්දට ජනතා විරෝධය..! ගෝල්ෆේස් පිටියෙන් හූ කියා එළවයි…!

November 29, 2022 at 11:27 am | by emanisa.lk

ගාලු මුවදොර අසල ප්‍රදේශයේ දී ඊයේ (28) විනිවිද පදනමේ සභාපති නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු ඇතුළු කිහිප දෙනෙකු විසින් විරෝධතාවක් සිදු කිරීමට කළ උත්සාහයට දැඩි විරෝධයක් එල්ල විය.

එම ප්‍රදේශයේ ස්වයං රැකියාවල යෙදන, ත්‍රිරෝද රථ ධාවනයේ යෙදෙන පිරිස් මෙන් ම සංචාරක මග පෙන්වන්නන් එහි දී ප්‍රකාශ කළේ රටට සංචාරකයින් එන අවස්ථාවේ මෙවැනි විරෝධතා සිදුකිර සිය ජීවිකාව අහිමි කිරීමට ඉඩදිය නොහැකි බවයි.

රටට සංචාරකයින් පැමිණෙන අවස්ථාවල NGOවලින් මුදල් ලැබෙන කණ්ඩායම් සංචාරක කර්මාන්තය විනාශ කිරීමට සංවිධානාත්මකව මෙම විරෝධතා සංවිධානය කරන බවට ඔවුහු චෝදනා කළහ.

මෙම ජනතා විරෝධය නිසා නාගානන්ද කොඩිතුවක්කුට ගාලු මුවදොර විරෝධය අතහැර බැහැර යන්නට සිදුවිය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *