නාකොටි ජාවාරම්කාරයෝ පොලිසියටම නින්දාවක්! විශේෂ නීති ගෙනැත් එල්ලා මරා දැමිය යුතුයි! – අජිත් රෝහණ

July 11, 2020 at 1:39 pm | by emanisa.lk

අත්අඩංගුවට ගත් හෙරොයින් නැවත මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට අලෙවි කිරීමේ චෝදනාවට වරදකරුවන් වන මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් නිලධාරීන්ට මරණීය දණ්ඩනය ක‍්‍රියාත්මක කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බව නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ ඊයේ (10) කියා සිටියේය.

නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව කියා සිටියේ පොලිස් මූලස්ථානයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

“අත්අඩංගුවට ගන්න හෙරොයින් නැවත මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට අලෙවි කිරීමට එම කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් කටයුතු කිරීම ඉතාම බරපතළ වරදක්. මේ වගේ අපරාධ කරද්දී කොහොමද රටේ මත්ද්‍රව්‍ය ජාවාරම මැඬපවත්වන්නේ?

මේ චෝදනා එල්ල වෙලා තියන මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට එරෙහිව පරීක්‍ෂණ කඩිනමින් අවසන් කර ඔවුන් ත‍්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවට ඉදිරිපත් කර මරණීය දණ්ඩනය ලබා දෙන්න කියලා අපි අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මෙම පිරිසට පමණක් හෝ මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. මේ ඉල්ලීම නීතිපතිවරයා මගින් අගවිනිසුරුවරයා වෙත කිරීමට බලාපොරොත්තු වෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස