හිටපු පරිසර අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ්ගේ මන්ත්‍රීධුරය පුරප්පාඩු වී ඇතැයි පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මැතිවරණ කොමිෂන් සභාවට ඊයේ (9) දැනුම් දී තිබේ.
මේ අනුව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මඩකළපුව දිස්ත්‍රික් ලයිස්තුවේ මීළඟට සිටින අපේක්ෂකයා වන අලි සහීර් මවුලානා මැතිවරණ කොමිෂන් සභාව විසින් එම පුරප්පාඩුවට පත් කරනු ලැබීමට නියමිතය.
නව මන්ත්‍රීවරයා පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය අද හෙටම නිකුත් කරනු ලැබීමට නියමිතය.
පරිසර අමාත්‍ය නසීර් අහමඩ් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට එම පක්ෂයේ උත්තරීතර මණ්ඩලය ගත් තීන්දුව නිවැරදි බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 6 වැනිදා තීන්දු කළ අතර ඒ අනුව ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසිවිය.