නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම කල් ගොස් ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව පෙර සැලසුම් කළ පරිදි අද (11) අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමක් සිදු නොවෙනු ඇති බව වාර්තා වෙයි.
නව අමාත්‍ය මණ්ඩලය සඳහා සිදුකරනු ලබන පත්වීම් සම්බන්ධයෙන් මේ වන විටත් සාකච්ජා පැවැත්වෙමින් තිබෙන බවයි වාර්තා වන්නේ.
නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම බොහෝ විට සිංහල හින්දු අලුත් අවුරුද්දෙන් පසුව සිදුවෙනු ඇතැයි දැන ගන්නට තිබේ.
ඊයේ (10) ආණ්ඩු පක්ෂ විකල්ප පිළ සහ ස්වාධීන මන්ත්‍රී පිරිස හමු වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා මෙම තීන්දුව ගත් බව වාර්තා වෙයි.