එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ධුරය සඳහා හිටපු අමාත්‍ය සාගල රත්නායක පත් කර තිබේ. පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් එම පත්කිරීම සිදු කර තිබේ.
පක්ෂයේ කළමනාකරණ කමිටුව අදාළ පත්කිරීම සඳහා අනුමැතිය දුන් බව එජාප මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර කීය.
පක්ෂයේ ජාතික සංවිධායක ධුරය සඳහා නවීන් දිසානායක පත් කිරීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය මීට පෙර තීරණය කළ ද තනතුර බාර ගැනීම ඔහු ප්‍රතික්ෂේප කිරීමත් සමඟ වසරක පමණ කාලයක් තිස්සේ එම තනතුර පුරප්පාඩු වී පැවැතිණි.
සාගල රත්නායක ජාතික සංවිධායක ධුරයට පත් කිරීමේ තීරණය පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කර අනුමත කරගන්නා බව පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර වැඩි දුරටත් පවසයි.