නවසීලන්ත ISIS ප්‍රහාරකයා දේශපාලන රැකවරණ ලැබුවෙක්….!

September 7, 2021 at 8:19 am | by emanisa.lk

පසුගිය 03 වෙනිදා නවසීලන්ත සුපිරි වෙළෙඳ පරිශ්‍රයක දී සාමාන්‍ය ජනතාව ඉලක්ක කරගෙන පිහි ප්‍රහාරයක් එල්ල කළ ශ්‍රී ලාංකිකයා එරට දේශපාලන රැකවරණ ලැබූ අයකු බව වාර්තා වෙයි.

මොහොමඩ් සම්සුදීන් ආදිල් නම් මොහු 2011 වසරේ නවසීලන්තයට ගොස් තිබේ. එහි දී තමන් මුස්ලිම් දෙමළ සම්භවයක් සහිත කොටි සංවිධානය සමඟ සබඳතා ඇති අයකු ලෙස හඳුන්වා දී ඇත.

ශ්‍රී ලංකාවේ වාසය කිරීම අනතුරුදායක බව ප්‍රකාශ කරමින් නවසීලන්තයේ දේශපාලන රැකවරණ ලබා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *