නලින් බණ්ඩාර ඇමති නිල නිවසින් නොයයි! අධිකරණ නියෝගයක් ගෙන පන්නා දමයි!

September 30, 2020 at 11:18 am | by emanisa.lk

හිටපු අමාත්‍ය සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාරට කුරුඳුවත්ත ප්‍රදේශයේ පිහිටි රජයේ නිල නිවාසයෙන් ඉවත් වන්නැයි අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

රජයේ නිල නිවාස බාර නොදීම සම්බන්ධයෙන් පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් අධිකරණයේ කරන ලද ඉල්ලීමක් මත මෙම නියෝගය නිකුත් කර ඇත.

අවස්ථා කිහිපයකදීම නිවසෙන් ඉවත් වන්නැයි සිහිකැඳවීම් ලිපි යොමු කළ ද නිල නිවසෙන් ඉවත් නොවීම මත මෙම නඩුව අධිකරණය වෙත යොමු කළ බව අමාත්‍යාංශ ලේකම්වරයා සිය පැමිණිල්ලේ දක්වා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *