ජනාධිපති අනුර දිසානායක මහතාගේ නිල ෆේස්බුක් පිටුවෙන් උපුටා ගැනිණි.
42 වන ජාතික මීලාද්–උන් නබි රාජ්ය මහෝත්සවය සඳහා මීගමුව අල්– හිලාල් මධ්ය මහා විද්යාලයීය ක්රීඩාංගණයේදී ඊයේ (26) පස්වරුවේ එක්වීමි.
ජාතික සමගිය වෙනුවෙන් රජය කැපවී කටයුතු කරන අතරම යළිදු කිසිදු ආකාරයේ ජාතිවාදයකට ඉඩ නොතබන බවත් ජාත්යන්තර ඉදිරියේ ගෞරවයට සහ පිළිගැනීමට පාත්ර වූ රාජ්යයක් ලෙස ශ්රී ලංකාව මේ වන විට යළි ඔසවා තැබීමට රජය සමත් වී ඇති බවත් පෙන්වා දුන්නෙමි.
එමෙන්ම නබිනායකතුමාගේද ඉගැන්වීම වූ නීතිය ඉදිරියේ සැවොම සමානයි යන්නට පණ පෙවීමට ආණ්ඩුව ගතවූ කාලය තුළ කැපවී කටයුතු කළ බවද අවධාරණය කළෙමි.
අප රට දියුණු, යහපත් රාජ්යයක් ලෙස ගොඩනැඟීමේදී මහජන බලය කෙරෙහි දැඩි විශ්වාසයක් තබා තිබෙන බවත්, වත්මන් ආණ්ඩුව ජනතාවට අගතියක් වන කිසිදු ආකාරයේ තීන්දුවක් නොගන්නා අතරම ජනතාව වෙනුවෙන් ගන්නා කිසිදු තීන්දුවක් ආපසු හැරවීමට සූදානම් නොමැති බවද මෙහිදී පෙන්වා දුන්නෙමි.
නව ව්යවස්ථා සංශෝධනය තුළින්ද අපේක්ෂා කරන්නේ පොදු ජනතාව තුළ නීතිය පිළිබඳ තිබෙන විශ්වාසය තහවුරු කිරීමත්, යුක්තිය පසිඳලීම කාර්යක්ෂම කිරීමත් බව මෙහිදී පෙන්වා දුන්නෙමි.
රට ගොඩනැගීම වෙනුවෙන් විෂ මත්ද්රව්ය උවදුර සහ ඒ හා බැඳුණු අපරාධ ජාලය බිඳ දැමීමේ වගකීම ඉටුකරන බවද මෙහිදී සඳහන් කළ අතර, ඒ වෙනුවෙන් එක්වන ලෙසද සියලුදෙනාට ආරාධනා කළෙමි.
වසර ගණනාවක සිට මුස්ලිම් පල්ලිවල ආගමික කටයුතු සිදු කරමින් තම ජීවිතයේ වැඩි කාලයක් කැපකල මවුලවිවරුන් සමාජයට සිදු කළ සේවාව මෙහිදී ඇගයීමට ලැබීම පිළිබඳවද සතුටු වන අතර මෙම ජාතික උත්සවයේ සංවිධාන කාර්යයෙහිලා කැපවී කටයුතු කළ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්යාංශය සහ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සියලුදෙනා වෙත ස්තූතිය පළ කළෙමි.