රටවල් 101ක් අතරින් ලොව හොඳ ම මහ බැංකු අධිපතිවරුන් 21 දෙනා අතරට ශ්රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය අජිත් නිවාඩ් කබ්රාල් පත්ව තිබේ.
ඇමරිකාව පදනම් කරගත් Global Finance සඟරාව මගින් 2023 වසර සඳහා මෙම තෝරා ගැනීම සිදුකර තිබේ.
උද්ධමන පාලනය, ආර්ථික වර්ධනය, මුදල් ඒකකයේ ස්ථාවරභාවය සහ ණය පොළී කළමනාකරණය යන කරුණු මෙහි දී සලකා බලා තිබේ.
එහි දී ඉන්දීය, ස්විට්සර්ලන්ත සහ වියට්නාම මහ බැංකු අධිපතිවරුන්ට A+ සම්මානය හිමිව ඇති අතර බ්රසීල, ඊශ්රීයල, නවසීලන්ත, පැරගු, පීරු, තායිවාන්, උරුගු සහ මරුටියස්හි මහ බැංකු අධිපතිවරුන්ට A සම්මාන හිමිව ඇත.
කොලොම්බියා, ඩොමිනික්, අයර්ලන්ත, ඉන්දුනීසියා, මෙක්සිකෝ, මොරොක්කෝ, නෝර්වේ, දකුණු අප්රිකා, දකුණු කොරියා සහ ශ්රී ලංකා මහ බැංකු අධිපතිවරුන්ට A- සම්මාන හිමිව තිබේ.
