නගර සභා ප්‍රාදේශීය සභා බලය ජාතික ජන බලවේග ආණ්ඩුවට ලැබුණු පසු එහි කිසිදු දූෂණයකට වංචාවකට ඉඩ නොතබන බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.
“නගර සභාවේ බොහෝ කටයුතුවලට චෝදනා තිබෙනවා. පාක් එක ගත්තොත් එතන නඩු. නඩු පිට නඩු. මේ සියල්ලම නගර සභාවේ බලය මාලිමාවට ආවට පස්සේ මීට වඩා විධිමත් විදිහට කරනවා. කිසි කෙනෙකු ගැළවෙන්න නම් ඉඩක් තියන්නේ නෑ. නීත්‍යානුකූලව ඒ සෑම දේකටම එරෙහිව ක්‍රියාත්මක වෙනවා.”
ජනහමුවක් අමතමින් නි. ඇමති නාමල් කරුණාරත්න මේ බව කීය.