ශ්‍රී ලංකා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියානු අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කර තිබේ.
සිඩ්නි ඩව්නිං සෙන්ටර් දිස්ත්‍රික් උසාවියේ විනිසුරු සාරා හගෙට් මෙම තීන්දුව ලබා දී ඇත.
ටින්ඩර් නම් සමාජ මාධ්‍ය යෙදවුමක් ආධාරයෙන් හමු වූ කාන්තාවක් ලිංගික ව අපයෝජනය කිරීම යන චෝදනාව යටතේ ධනුෂ්ක ගුණතිලකට චෝදනා ගොනු වී තිබිණි.
අදාළ තරුණිය ප්‍රකාශ කරන ආකාරයට බලහත්කාරයක් හෝ දූෂණයක් සිදුකළ බවට සාධක නොමැති අතර එම සබඳතාව දෙදෙනාගේ කැමැත්තෙන් සිදු වූ බව තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරු සාරා හගෙට් සඳහන් කර තිබේ.