දේසපාළුවෙක් වනාතවිල්ලුවෙි කැලෑ අක්කර 100ක් වනසයි!

September 6, 2020 at 12:15 pm | by emanisa.lk

වනාතවිල්ලුව, එළුවන්කුළම කුරුටියාමොහොට්ටේ ප්‍රදේශයේ පිහිටි දැවැන්ත වනාන්තර පද්ධතියක් අක්කර 100කට ආසන්න ප්‍රමාණයක් ප්‍රෙද්ශීය දේශපාලනඥයෙකුගේ ආධාර අනුබල ඇතිව වනසා ඇතිබව ‘වයඹ හඩ“ පරිසර සංවිධානයේ සංවිධායක අජිත් ගිහාන් චෝදනා කරයි.

මාස ගණනාවක සිට යාන්ත්‍රික කියත් උපයෝගී කරගනිමින් මෙම දැවැන්ත වන සංහාරය සිදුකර ඇති බව කියයි. දෙවියන්ට භාරහාර වෙමින් දෙවියන්ගේ ආරක්ෂාව අයදිමින් වන සංහාරකයින් මෙම වනාන්තරය වනසා ඇති බව දැකගත හැකි විණි.

යාන්ත්‍රික කියත් උපයෝගි කරගනිමින් වසර 200කට වැඩි දැවැන්ත පළු ගස් කපා රහසේ ගෙන ගොස් ඇති බවත් ඒ සමගම මෙම වනාන්තර පද්ධතියේ තිබූ වීර, බුරුත, ඇතුළු වසර සිය ගණනක ගස්ද දැව ජාවාරමට යොදා ගැනීමෙන් වනාන්තරය සියළුම ගස් යාන්ත්‍රික කියත් උපයෝගී කර ගනිමින් බිම හෙළා ඉන්පසුව මෙම දැවැන්ත පරිසරය ගිනි තබා තිබේ.

පරිසරවේදීන පවසන්නේ මෙම දැවැන්ත වන සංහාරය පිටුපස වනාතවිල්ලුවේ ප්‍රබල ප්‍රාදේශීය දේශපාලනඥයකු සිටින බවත් ඔහුට තවත් රාජ්‍ය නිලදාරීන් කිහිප දෙනෙකුගේ ද ආධාර අනුබල ලැබී ඇති බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස