රාජ්‍ය ආයතනවලට භාණ්ඩ හා සේවා මිල දී ගැනීමේ ප්‍රසම්පාදන කටයුතුවල දී දේශීය ආයතනවලින් පමණක් මිල දී ගැනීම සඳහා අගමැති මහින්ද රාජපක්ෂ ඉදිරිපත් කළ යෝජනාවක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව රජයේ කොන්ත්‍රාත් ලබා දීය හැක්කේ ද ගෘහ භාණ්ඩ, මෘදුකාංග සහ දෘඩාංග මිල දී ගත හැක්කේ ද අවම වශයෙන් 51%ක දේශීය හිමිකාරීත්වයක් ඇති සමාගම්වලින් පමණි. ඒ අනුව විදේශීය සමාගම්වලින් ඒවා මිලයට ගත නොහැකි අතර දේශීය ව්‍යාපාර නැංවීමේ අරමුණින් මෙම තීන්දුව ගෙන තිබේ.