ශ්‍රී ලංකා පොලිසියේ 36 වන පොලිස්පතිවරයා ලෙස ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිර්දේශ කර ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග අනාවරණය කරයි.
වත්මන් පොලිස්පති චන්දන වික්‍රමරත්න මාර්තු විසි පස්සෙන් දා සිය ධූරයෙන් විශ්‍රාම ගැන්වීමෙන් පසුව ලෙස ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධුරය සඳහා ජනාධිපතිවරයා විසින් තෝරා පත් කරගෙන ඇත.
දේශබන්දු පාතාළ මර්දනයට, මත්කුඩුු ජාවාරම් පාලනයට මෙන් ම රටේ නීතිය සාමය ආරක්ෂා කිරීමට ද සක්‍රීය ලෙස දායක වූ පොලිස් නිලධාරියෙකි.