අධිවේගී මාර්ග රාජකාරියේ නිරත පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් එම සේවාවලින් ඉවත් කරගැනීමේ සූදානමක් පවතින බව වාර්තා වේ.
පාතාලය මර්දනය කිරීමේ රාජකාරි වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් අධිවේගී මාර්ග රාජකාරිවලින් ඉවත් කිරීමට පියවර ගන්නා බව දන්වමින් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිඛිතව දන්වා ඇත.
කෙසේ වෙතත් මාර්ග සංවර්ධන අධිකාරිය පෙන්වා දෙන්නේ, එවැනි තත්ත්වයක් ඇති වුවහොත් අධිවේගී මාර්ග භාවිත කරන්නන්ගේ ජීවිත අනාරක්ෂිත තත්ත්වයකට පත්වනු ඇති බවයි.