දේශපාලනයේ අල්ලසයි සහෝදර දීමනායි අතර වෙනසක් නෑ… නව පනතින් පක්ෂ අරමුදල් විගණනය කළ යුතුයි…! – දිලිත් ජයවීර…

April 9, 2025 at 11:21 am | by emanisa.lk

අපරාධයකින් උත්පාදිත දේපළ පවරා ගැනීම පනත සද්භාවයෙන් ගෙන එන්නේ නම් දේශපාලනඥයන් පමණක් නොව දේශපාලන පක්ෂ ද විගණනය කළ හැකි ආකාරයට ඊට සංශෝධන ඇතුළත් විය යුතු බව සර්වජන බලය නායක, පාර්ලිිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.

ජාතික ජන බලවේග රජය ගෙන එන්නේ සුළු වෙනස්කම් සහිතව එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව නිර්මාණය කළ පනතම වුවත් එය අතිශය වැදගත් පනතක් බව ද හෙතෙම ප්‍රකාශ කරයි.

ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ අරමුදල නම් බැනරය යටතේ විශාල ගොඩනැඟිලි, දැවැන්ත ඡන්ද ව්‍යාපර සහ නායකයන් ජීවත් වීම සඳහා මුදල් වැය කරන බවත් ඒවා බදු ගෙවීමට හෝ කිසිදු විගණනයකට ලක් නොවන බවත් දිලිත් ජයවීර සඳහන් කරයි.

පසුගිය ආණ්ඩු සමයේ පාලකයන් අල්ලස් ගත්තේ යැයි චෝදනා කරන ජවිපෙ සිය සහෝදරයන්ගෙන් දීමනා ලබා ගන්නා බවත් ඒ දෙකම බදු ගෙවීමකින් තොරව සිදුවන ගනුදෙනු බවත් ඔහු ප්‍රකාශ කරයි.

දේශපාලන පක්ෂවලට ලැබෙන ආධාර විගණනය කළ යුතු බවත් එම ආධාර ලබා දෙන අය ඒවා වියදම් කරන ආකාරය අනාවරණය කළ යුතු බවත් නොඑසේ නම් එය රටේ ස්වෛරීත්වයට ද තර්ජනයක් බව දිලිත් ජයවීර අවධාරණය කරයි.

පැලවත්තේ දැවැන්ත මූලස්ථානයක් ගොඩනැඟීමට ව්‍යාපාරික පන්තියේ ඇමරිකාවේ සංචාරය කිරීමට රටට අනාවරණය කළ යුතු බවයි, හෙතෙම ප්‍රකාශ කළේ.

ඊයේ (08) පාර්ලිමේන්තුව අමතමින් දිලිත් ජයවීර මේ බව කීය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *