හිටපු බල ශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් දිවයින සමග පැවැත්වූ සාකච්ඡාවකින් උපුටා ගැනිණි.
ප්රශ්නය – තිරිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධයෙන් ඇති කර ගැනීමට යන ගිවිසුම පිළිබඳව මේ වන විට මත දෙකක් පළ වී තිබෙනවා. එක් මතයකින් කියනවා, එම තෙල් ටැංකි පරිශ්‍රය ඉන්දියාවට ලබාදෙන බව. අනෙක් මතයෙන් කියනවා, දැනටමත් ඉන්දියාවට ලබාදීලා තිබෙන එම තෙල් ටැංකි යළි ලබා ගන්නා බව. එම මත දෙකෙන් නිවැරදි මතය කුමක්ද?
පිළිතුර – මගේ මතය ඉන්දියාවට තෙල් ටැංකි අයිති නැහැ. නැති එක පිළිබඳව නීතිමය ප්‍රශ්නයකුත් තිබෙනවා. අනෙක් කාරණය තමයි 2003 දී අත්සන් කළ ගිවිසුම මගින් එම තෙල් ටැංකි ඉන්දියාවට අයත් වූවා නම් ගත වූ වසර 18 තුළ ඉන්දියාව එම ටැංකි ලබා නොගෙන ඉන්නේ නැහැනේ? ඉන්දියාවට තෙල් ටැංකි අයිති නම් ඇයි ඒ රට අපෙන් අහන්නේ එම ටැංකි ශුද්ධ කිරීමට.
කවුරු හරි කියනවා නම් දැනටමත් එම තෙල් ටැංකි ඉන්දියාවට අයිති බව. එහෙම කියන්නේ, එම ටැංකි ඉන්දියාවට දීමට අවශ්‍ය වී තිබෙන අය තමයි. ඒ අය රටට ලෝකයට එකත් ප්‍රකාශ කරනවා. රහසේ ඉතිරි අනෙක් කටයුතු කරනවා. නමුත් අපි එහෙම නැහැ. අපි විවෘතව කතා කරනවා. මෙම දේශහිතෛෂීන් වේදිකාවේ කතා කරන්නේ පපුවට අත තබාගෙන. නමුත් වැඩේ කරන කොට එහෙම නෑ.
ප්රශ්නය – ඉන්දියාව සමග ඇති කර ගැනීමට යන ගිවිසුමට ඔබ විරුද්ධ ද?
පිළිතුර – නෑ… මම කියන්නේ මෙතැන තිබෙන්නේ තෙල් ටැංකි පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි. මේ භූමියේ වටිනාකම ඒ අය දන්නවා. එම නිසා මෙම භූමියට පය තබාගන්න තිබෙන හොඳ ම ක්‍රමය තමයි තෙල් ටැංකි සම්බන්ධයෙන් හවුල් ව්‍යාපාරයක් හෝ සමාගමක් පිහිටුවා ගැනීම.
මම කියන්නේ එහෙම නොකර අපගේ ස්වාධීනත්වය සහ ස්වෛරීභාවය රැකගෙන අපට වෙන කරන්නට දෙයක් නොමැති නම් කරන්න තිබෙන හොඳම දේ තමයි සී. පී. එස්. ටී. එල් එකට අනුව බදු ගිවිසුමක් අත්සන් කිරීම. එය කළ යුත්තෙත් වෙන කරන්නට දෙයක් නොමැති නම් පමණයි.