සංවේදී කඩොලාන පද්ධතිය රැකගැනීම සඳහා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක වන දේවානි ජයතිලක අභීත ලෙස පෙනී සිිටීම පිළිබඳ එම විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ මහාචාර්ය හිරාන් අමරසේකර සිය ප්‍රණාමය පුදකරයි.
ඒ පිළිබඳ සිය ෆේස්බුක් ගිණුමේ මහාචාර්යවරයා තබා ඇති සටහනක් මෙසේය.
“ජපුර විද්‍යා පීඨයේ උපාධිධාරිනියක වන, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ගම්පහ දිසා වන වන නිලධාරිනි දේවානිගේ අභීත ක්‍රියාවට අපගේ ප්‍රණාමය!
මෙම ගැටළුවේදී දේශපාලනඥයා සමාජ විද්‍යාත්මක Sociological සහ ආර්ථික Economical කරුණු ගැන අවධානය යොමුකළ අතර නිලධාරිනිය පරිසර සංරක්ෂණය Environmental Conservation ගැන අවධානය යොමු කළා.
මෙම සිද්ධියේදී සංවේදී කඩොලාන පරිසර පද්ධතිය රැක ගැනීම වඩා වැදගත්.
රජයේ විශ්වවිද්‍යාල තවමත් මෙවැනි වියතුන් බිහි කරන බව සහ රාජ්‍ය නිල නිලධාරීන් බොහොමයක් අවංක සහ කැපවීමෙන් ක්‍රියා කරන බවත් සමාජය මෙම සිද්ධියෙන් අවබෝධ කර ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.”