දේවගැති ජෙරම්ගේ ගිණුම්වල මිලියන 12 200ක් හුවමාරු වෙලා…!

July 28, 2023 at 5:41 pm | by emanisa.lk

දේවගැති ජෙරම් ප්‍රනාන්දුගේ බැංකු ගිණුම් පරික්ෂා කිරීමේ දී රුපියල් බිලියන 12.2ක මුදල් හුවමාරු වීම් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ.

දේවගැතිවරයාගේ බැංකු ගිණුම් 11ක් පරීක්ෂාවට ලක් කිරීමේ දී මෙම තොරතුරු අනාවරණය වූ බව නීතිපතිවරයා විසින් මේ බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත.

ආගමික සංහිදියාවට බාධා කිරීම සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අදාළ දේවගැතිවරයා සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බව අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන දන්වා තිබේ.

කෙසේ වුව ද ජෙරම් ප්‍රනාන්දු මේ වන විට රටින් පළා ගොස් ඇති අතර විවිධ රටවල සංචාරය කරමින් නැවත සිය රට පැමිණීම පමා කරමින් ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *