දේපළ විනාශ කළ මැරයින් 230ක් අත්අඩංගුවට…! ගින්නට පිදුරු දැමූ නීතීඥ සංගම් අතුරුදන්…!

May 15, 2022 at 2:06 pm | by emanisa.lk

ගත වු දින කිහිපය තුළ කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් 230 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

පසුගිය 09 වැනිදා සිට මේ දක්වා කාලය තුළ විවිධ චෝදනා සම්බන්ධයෙන් අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කරයි.

ඉන් පුද්ගලයින් 68 දෙනෙකු මේ වන විටත් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර ඉතිරි පිරිස ද අධිකරණයට ඉදිරිපත් කිරීම නියමිතය.

මෙයට පෙර මිරිහාන ජනාධිපති නිවස අසල ගැටුමේ දී සහ නිට්ටඹුව ඉන්ධන බවුසරයක් ගිනි තැබීමට උත්සාහ කිරීමේ දී චූදිතයින් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සංගමය මෙම සිද්ධි වෙනුවෙන් පෙනී සිටීමට අධිකරණයට නොපැමිණීම විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *