දෙහිවල කුළී ඝාතකයා STF ප්‍රහාරයෙන් මරුට….!

July 25, 2025 at 10:18 am | by emanisa.lk

පසුගිය 18 වනදා උදෑසන 11.00 ට පමණ දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකු ඉලක්ක කර සිදුකළ වෙඩිතැබීමට පැමිණි වෙඩික්කරු අද (25) අලුයම පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමග ඇතිවූ වෙඩි හුවමාරුකින් මියගොස් ඇති බව පොලීසිය පවසයි.

පොලීසිය පවසන්නේ STF නිලධාරීන් කණ්ඩායමක් අද අලුයම 4:30ට පමණ කහතුඩුව පාලගම කැදැල්ඕවිට ප්‍රදේශයේ පාළු නිවසක් පරීක්ෂා කර ඇති අතර එහි සැඟව සිට තිබූ අදාළ සැකකරු STF නිලධාරීන් දෙසට වෙඩි තබා ඇති බවත් එම අවස්ථාවේදී STF නිලධාරීන් ද සැකකරුට වෙඩි තැබීමක් සිදුකර ඇති අතර එහිදී තුවාල ලැබූ සැකකරු මියගොස් ඇති බවත් ය.

සිද්ධියෙන් තුවාල ලැබූ STF නිලධාරියෙකු කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන අතර වෙඩි වැදී මියගිය වෙඩික්කරුගේ මෘතශරීරය වෑතර රෝහලේ ඉදිරි විමර්ශන කටයුතු සඳහා තැන්පත් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *