දෙවෙනි මනාප හොරට ගැණලා… මැකොට සජබෙන් පැමිණිලි…!

September 22, 2024 at 2:30 pm | by emanisa.lk

දෙවෙනි මනාප ගණන් කිරීමේ කටයුතුවල දී මැතිවරණ කටයුතුවල නිරත රාජ්‍ය නිලධාරීන් අපක්ෂපාතීව කටයුතු නොකළ බවට සමගි ජන බලවේග මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මැතිවරණ කොමිසම වෙත පැමිණිලි කර තිබේ.

ඔහු පෙන්වා දෙන්නේ සිය පක්ෂ නියෝජිතයන් නොමැතිව නිලධාරීන් දෙවෙනි මනාප ගණනය සිදුකර ඇති බවත් මෙම නිලධාරීන් මැතිවරණ රාජකාරිවල දී අපක්ෂපාතීව කටයුතු නොකළ බවත්ය.

මැතිවරණ පනත අනුව දෙවෙනි මනාප ගණන් කිරීමේ දී තරඟයෙන් ඉවත් කරන අපේක්ෂකයන්ගේ ඡන්ද පත්‍රිකා සීල් කොට තබා ඒවා පක්ෂ නියෝජිතයන් ඉදිරියේ විවෘත කොට දෙවෙනි මනාපය ගණනය කළ යුතු බවයි, පාඨලී චම්පික රණවක ප්‍රකාශ කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *