ජනතාවට කෙතරම් ආරක්ෂා වන ලෙස ප්රකාශ කළ ද ඔවුන් එම උපදෙස් නොතකා හරින බව ආදාහනාගාර සේවකයෝ පවසති.
මේ වන විට ආරක්ෂක හේතු මත කොවිඩ් මරණ විවෘත කිරීම ආදී කටයුතු නොකළ ද ජනතාව මෘත ශරීර විවෘත කරන ලෙස ඉල්ලා සිටින බවට ද ඔවුහු චෝදනා කරති.
තමන් ද සේවය කරන්නේ දැඩි අවදානමක් මැද ඉතා ම බයෙන් බවත් එහෙයින් ජනතාව හැකි පමණ පරිස්සම් වෙමින් සිය ජීවිත රැකගත යුතු බවත් ආදාහනාගාර සේවකයෝ ඉල්ලා සිටිති.