දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රීධරන් විසින් වන්නි දිස්ත්‍රික් ඊ.පි.ඩි.පි. පාර්ලිමේන්තු මන්ත්‍රී කුලසිංහම් තිලීපන්ට කළ අපහාසාත්මක ප්‍රකාශයකට එරෙහිව පිරිසක් වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරතවූහ.
එම ප්‍රකාශය සිදුකළ පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රීධරන්ගේ රුවට සමාන අනුරුවක් සකසා විරෝධතාකරුවෝ පාවහන්වලින් පහර දී, ගිනි තැබීම ද සිදුකළහ.
විරෝධතාකරුවන් පැවසූවේ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරන රජයට පක්ෂපාති තිලීපන් සම්බන්ධයෙන් ශ්‍රීධරන් සිදු කළ අපහාසාත්මක ප්‍රකාශයට වන්නි දෙමළ ජනතාවට සිදුකළ අපහාසයක් බවය.