දෙකෙන් එකක් බේර ගන්න අන්තරේ කොළඹට…! මාර්ග දැවැන්ත මාර්ග බාධක යොදා වසා දැමේ…!

April 24, 2022 at 11:47 am | by emanisa.lk

කොළඹ කොටුව අවට මාර්ග කිහිපයක් ස්ථිර මාර්ග බාධක යොදා අවහිර කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.

ඒ අනුව කොළඹ කොටුව, යෝර්ක් වීදිය, බැංකු මාවත් ඇතුළු මාර්ග කිහිපයක් මෙලෙස වසා දමා ඇති අතර එක් කොටසක් පමණක් වාහන ගමනා ගමනය සඳහා විවෘත කර තිබේ.

කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් දැවැන්ත විරෝධතාවක් සංවිධානය කර තිබෙන අතර ඊයේ මෙම විරෝධතා පා ගමන වැළැක්වීම සඳහා කොටුව පොලීසීය විසින් සිදු කළ ඉල්ලීමක්ද කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කළේය.

මේ අතර ගෝඨාගෝ ගම පරිශ්‍රයේ ද පොලීසිය විසින් මාර්ග බාධක යොදා රථ වාහන හැසිරවීම සිදු කරන බව වැඩිදුරටත් වාර්තා වෙයි.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද දැවැන්ත විරෝධතාවක් සංවිධානය කර කොළඹ වැටලීමේ සූදානමක් ඇතැයි වාර්තා වෙයි. දෙකෙන් එකක් අද බේරා ගන්නා බව එහි නායකයින් අවධාරණය කර ඇතැයි ද දැන ගන්නට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *