හිටපු අමාත්‍යවරු ඇතුළු දේශපාලනඥයින් පිරිසක් රටින් පළා යෑමට සූදානමක් ඇති බවට තොරතුරු අනාවරණ වී ඇතැයි නීතීඥ නීතීඥ සුනිල් වටගල පවසයි.
දූෂණ චෝදනා සඳහා මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු වී ඇති පිරිස් එලෙස පළා යෑමට කටයුතු කරනු ඇතැයි ඔහු පෙන්වා දෙයි.
ඒ හේතුවෙන් ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝග ලබා ගැනීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
බස්නාහිර පළාත් ජවිපෙ හිටපු මන්ත්‍රී, නීතීඥ සුනිල් වටගල පැවසුවේ නීතිපති දෙපාර්තමේන්තුවේදී ඊයේ (26) මෙම ඉල්ලීම ඉදිරිපත් කළ අතර ඊට නීතිපතිවරයාගෙන් සාධනීය ප්‍රතිචාරයක් ලැබුණු බවය.